Loging for Users



Home දැක්ම සහ මෙහෙවර
PDF Print E-mail
Written by Rasika Shyamalie   
Wednesday, 12 February 2014 16:29

විදුහල්පතිතුමාගේ පණිවුඩය

මාaltර දිස්ත්‍රික්කයේ මාතර අධ්‍යාපන කලාපයට අයත් මාර/ පාලටුව ගුණරතන මධ්‍ය මහා විද්‍යාලය මාතර සිට අකුරැස්ස දක්වා දිවෙන මාහා මාර්ගයේ මාතර සිට පැමිණෙනා විට කි.මි. 7 ක් පමණ ගිය තැන පාලටුව ග්‍රාමයේ එනම් අතිගරු ජනාධිපති මහින්රාජපක්‍ෂ උතුමාණන්ගේ නිජ භූමියෙහි එතුමන්ගේ උපන් නිවස අබියස අක්කර 07 ක පමණ වපසරියෙන් යුත් දැනට 87 වැනි සන් වත්සරය සපුරන සෞන්දර්යාත්මක බවින් අනූන මාර/ පාලටුව ගුණරතන මධ්‍ය මහා විද්‍යාලය දර්ශනයවේ.

වර්තමාන ශිෂ්‍ය සංඛ්‍යාව එක් දහස් නවසියයකට ආසන්න වන අතර ආචාර්ය මණ්ඩලය ද සියයකට ආසන්න වේ. දකුණු පාළාත් පාසල් අතර කිර්තිනාමයක් දිනා ඇති අප විද්‍යාලය භෞතික හා ගුණාත්මක සංවර්ධනය ඉහළට ඔසවා තැබීම ඉලක්ක කරගෙන විද්‍යාලය තුළ විවිධ වැඩසටහන් හා ක්‍රමෝපායන් ක්‍රියාත්මක කෙරේ.

විදුබිමට පා තබන කාගේ වුව ද නෙත් සිත් පහන් වනසේ හරිත වර්ණයෙන් බැබ‍ෙළෙන අවට පරිසරයේ ඇති පවිත්‍ර බව හා සුන්දරත්වයෙනි. නිරන්තර අධීක්‍ෂණයට ලක්වන පාසල් පිරියත අන් කවර විද්‍යාලයකටත් වඩා සංවර්ධිත තත්වයෙන් පවතින බව අවිවාදයෙන් කිව හැකිය.

1 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා පන්ති පැවැත්වෙන  විද්‍යා, ගණිත, කලා, වාණිජ ශිෂ්‍ය ශිෂ්‍යාවෝ මිශ්‍රව අධ්‍යාපනය ලබති. මෙහි අළුතින් පාසලට ඇතුල්වීම වෙර දරන ශිෂ්‍ය සංඛ්‍යාව ද අපමණය. එහිලා ගොඩනැගිලි සංඛ්‍යාව ප්‍රමාණවත් නොවන්නකි. වර්තමානයේ දරුවන්ගේ අධ්‍යාපනයේ ගුණාත්මක සංවර්ධන වාර්ෂිකව ඉහළ ගොස් ඇති බව පහ වසර ශිෂ්‍යත්ව ප්‍රතිඵල හා උසස් පෙළ ප්‍රතිළුල විශ්ලේෂණය තුළින් පැහැදිලි වන්නකි. ඒ සදහා අප විද්‍යාලයීය ආචාර්ය මණ්ඩලයේ අතිමහත් කැපවීම ඊට හේතු වු බව ප්‍රකාශ කළ හැකිය.  2014 මාතර කලාපයේ “සිප්දොර අභිසෙස්“ ආදර්ශ පාසල් කලාපයේ ප්‍රථම ස්ථානය හිමිව ඇත.

එමෙන්ම පාසල තුළ අද දක්වා ඵලදායීතා සංකල්පය ක්‍රියාත්මක කෙරෙන අතර 2005 වර්ෂයේ දකුණු පාළාත් ඵලදායීතා සම්මානය ද හිමිකර ගෙන කිර්තියක් දිනා ගත් පාසලක් වන අතර තව ද Mother ஶ்ரீලංකා - 2013 Run ව්‍යාපෘතිය පාසල තුළ ක්‍රියාත්මක කොට ඒ සදහා 2013 වර්ෂයේ ලෝකඩ සම්මානය ද දිනා ගත් මාර/ පාලටුව ගුණරතන මධ්‍ය මහා විද්‍යාලය වර්තමානයේ නාගරික පාසල් වල දරුවන්ට ලැබී තිබෙන අධ්‍යාපනයේ සම අවස්ථා සියල්ලක්ම පාහේ ලබා දීමට බොහොසේ උත්සාහ ගෙන ඇත.

මේ ආකාරයට මේ තත්වය කරා අප පාසල ලගා කරවීමට විද්‍යාලයීය නියෝජ්‍ය විදුහල්පතිවරුන්, සහකාර විදුහල්පතිවරුන් ඇතුළු ආචාර්යය මණ්ඩලය, ශිෂ්‍ය ශිෂ්‍යාවන්, දෙමාපියන් සහ සුභපතන්නන් කැපවීමෙන් කටයුතු කළ අතර වර්තමාන විදුහල්පතිවරයා වහයෙන් මාගේ ඒකායන ප්‍රාර්ථනය වන්නේ කායික, අධ්‍යාත්මික හා මනා පැවැත්මෙන් යුතු ප්‍රභාසම්පන්න දරු පරපුරක් ජාතියට දායාද කිරීම හා දකුණු පළාත් පාසල් අතර ප්‍රමුඛතම පාසල බවට පත් කිරීමට ඉලක්ක කර ගෙන කටයුතු කිරීමය.

විදුහල්පති,

R.M.R. බණ්ඩාර

මාර/ පාලටුව ගුණරතන මධ්‍ය මහා විද්‍යාලය

 

 

 

Last Updated on Thursday, 07 August 2014 15:49
 


Designed by Mrs.A.W.K.Rasika Shyamalie (IT Graduate Teacher).