Loging for Users



Home අපව අමතන්න පාසල් දත්ත
පාසල් දත්ත PDF Print E-mail
News - Newsflash
Written by Rasika Shyamalie   
Thursday, 04 September 2014 15:42


පාසල් දත්ත

 

                                           

පළාත                           :-       දකුණ

දිස්ත්‍රික්කය                    :-      මාතර

කලාපය                       :-      මාතර

කොට්ඨාශය                  :-      මාතර

පාසල් අංකය                :-      22278

පාසල් වර්ගය                :-      1 AB

දුරකථන අංකය              :-      041-2220333

විද්‍යුත් ලිපිනය                :-                 This e-mail address is being protected from spambots. You need JavaScript enabled to view it

පාසලේ භූමි ප්‍රමාණය      :-      අක්කර 05 . රූඩ් 03 . පර්චස් 30

වර්තමාන විදුහල්පති       :-      R.M.R. බණ්ඩාර මහතා

නියෝජ්‍ය විදුහල්පති        :-     02

ගුරු මණ්ඩලය               :-      80

                                                       ශිෂ්‍ය සංඛ්‍යාව                :-     1566

 

 

 

 

 

                                                      එදා මෙදා තුර අපේ ගමන් මග

වර්ෂය

සුවිශේෂී සිදුවීම්

 

 

1927

1927 .03. 10 දින පොල්අතු සෙවිලි කළ ශාලාවක “ගුණරතන විද්‍යාලය නමින් ” මෙම පාසලේ ආරම්භය සනිටුහන් විය.

පාලටුවේ විසූ ගම්පති දොන් ජේමිස් සමරසිංහ දිසානායක මහතා ඉඩම් අක්කර බාගයක් සහ සාම විනිසුරු හදිසි මරණ පරීක්‍ෂක යූ.එස්. දිසානායක මහතා අක්කරයක භූමි ප්‍රමාණයක් පරිත්‍යාග කරන ලදී.

 

1929

අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ බෞද්ධ සමාගමට අයත් පාසලක් බවට පත් විය.

ඩී.ඒ.ආරියතිලක මැතිතුමාගේ කළමනාකරණය යටතේ පාලනය විය.

100 x 30 “ගුණරතන ශාලාව ” රජයේ ආධාර මත ඉඳිවිය.

1932

“රතනපාල ශාලාව” H.A.S.ජිනදාස මහත්මාගේ ප්‍රධානත්වයෙන් අවට ප්‍රජාවගේ

  දායකත්වයෙන් ගොඩනගන ලදී.

1950

උපගුරු අබේපාල හෙට්ටිගේ මහතා විසින් පාසල් ගීතය නිර්ඹාණය කරන ලදී.

1960

දෙසැම්බර් මස 15 දින විද්‍යාලය රජයට පවරා ගන්නා ලදී.

1963

මාතර මහජන මන්ත්‍රී ධූරය හෙබවූ මහානාම සමරවීර මහතාගේ අනුග්‍රහය මත ගුණරතන විද්‍යාලය, මහා විද්‍යාලයක් බවට පත් කරන ලදී.

 

 

 

 

1972

පූජ්‍ය අතුරලියේ ඉන්ද්‍රරතන හිමියන් විදුහල්පති ධූරයට පත්වීම.

1972 – 1977 මෙම කාල වකවානුව පාසල් ඉතිහාසයේ ස්වර්ණමය යුගය ලෙස හැඳින්විය හැකිය.

“ආදි ශිෂ්‍ය ශාලාව ” ආදි ශිෂ්‍ය ආධාරයෙන් ද,

“ආරියතිලක ශාලාව ” පාසල් සංවර්ධන සමිතිය ආධාරයෙන්ද,

“ශිෂ්‍ය ශ්‍රමය ශාලාව” ශිෂ්‍යයන්ගේ ශ්‍රම ආධරයෙන්ද,

“බුදු මැදුර ”වෛද්‍යාචාර්ය පලඟසිංහ මහතා ගෙන්ද,

හිටපු විදුහල්පති ඩී.ඒ.ඩබ්ලිව් ජයවර්ධන මහතා ඇතුලු සහෝදර සහොදරියන් විසින් “කාර්යාල ගොඩනැගිල්ල”ද,

මාහිතගොඩ වලව්වවේ දොස්තර එච්.ඩී. වීරසිංහ මහතාගේ ආධාර ඇතිව “විද්‍යාගාරය”ද

එල්.එල්. විමලසේන මහතාගේ පරිත්‍යාගයෙන් “නලජල පද්ධතිය”ද,

ඒ.බී.කේ.ජන්දිරිස් අප්පුහාමි මහතා සහ ගුරුදෙගුරු සමිතිය මගින් “ගුරු විවේකාගාරය”ද

 රජයේ ආධාර ඇතිව “සෞන්දර්ය ඒකකය ” වැනි භෞතික සම්පත් රාශියක් සහ

ක්‍රීඩාපිටියට අක්කර 02 ක් සහ කෘෂි විද්‍යාව සඳහා කුඹුරු අක්කර 01 ක්ද   මෙම කාලසීමාව තුළදී පාසලට ලබා ගැනීමට හැකි වූයේ  පූජ්‍ය අතුරලියේ ඉන්ද්‍රරතන හිමිපාණන්ගේ නොපසුබට උත්සාහයේ සහ වටිනා අනුශසකත්වයේ ප්‍රතිපලයක් ලෙසිණි. මෙය  පාසලේ සීග්‍ර දියුණුවට හේතු විය.

 

2003

ආදී ශිෂ්‍යෙයකුද වූ යෝගා රත්නවිභූෂණ මහතා විදුහල්පති ලෙස පත්වීමත් සමග නැවතත් පාසලේ සංවර්ධන කටයුතු ඉහළ නංවමින් සුනිමි ව්‍යසනයත් සමග එම ආපදා කළමනාකරණ කටයුතු වලට සහයොගය දක්වමින් “ යෝගා රත්නවිභූෂණ ශාලාව” නම් වූ තෙමහල් ගොඩ නැගිල්ල පාසලට ලබා ගත්තේය.

 

2010

එස්. එදිරිසිංහ මහත්මිය විදුහල්පතිණිය ලෙස සේවය කළ මෙම කාලය තුළ “දන්දීනා සමරසිංහ දිසානායක ශිල්ප මැදුර”වත්මන් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිඳුන්ගේ මෑණියන් සිහිවීම පිණිස

පාසලට ලැබුණු අතර ජනපති සුරතින්ම විවෘත වීම විශේෂ අවස්ථාවක් විය.

 

 

 

 

 

 

2012

R.M.R.බණ්ඩාර මහතා වත්මන් විදුහල්පති ලෙස සේවය කරමින් සිටින අතර තෙවසරක් වැනි මෙම කෙටි කාලය තුළ පාසල් නාමය ලක් දෙරණේ ජය දද නංවමින් සීග්‍ර දියුණුවක් කරා ගෙන ගොස් ඇත. එසේම 1 AB  පාසල් අතර දකුණේ ප්‍රමුඛයා වෙමින්  මාතර පාලටුව ගුණරතන මධ්‍ය මහා විද්‍යාලය ස්වර්ණමය යුගයකට පා තබා ඇත. මෙකී ගමන් මග දීප්තිමත් කරවීමට පාසලේ  නියෝජ්‍ය විදුහල්පති වරු ,සහකාර විදුහල්පති වරු, ආචාර්යමණ්ඩලය සහ අනධ්‍යන කාර්ය මණ්ඩලයෙන් ලැබෙන්නේ නොමඳ සහයකි.

6 ශ්‍රේණිය ඉංග්‍රීසි මාධ්‍යය අධ්‍යාපනය ඇරඹීම.

සෑම විෂයයකටම තත්ත්ව කව පිහිටුවා අමතර ප්‍රතිපෝෂණ පන්ති පැවැත්වීම.

හරිස්චන්ද්‍ර කර්මාන්තායතන අධිපති තුමාගේ අනුග්‍රහයෙන් නව පාසල් නාමපුවරුව සකස්කර ස්ථාන ගත කිරීම.

බුදු මැදුර නවීකරණය කිරීම . විධිමත් ලේඛණාගාරයක් ස්ථාපිත කිරීම.

ගුරු විවේකාගාරය විධිමත් කර නවීකරණය කිරීම ඇතුලු සංවර්ධිත කටයුතු රැසක් සිදුවිය.

2012/2013ජාතික ඵලදායීතා සම්මාන,සමස්ත ලංකා දෙවන ස්ථානය හිමිකර ගැනීමටද සමත්විය.

2013සිප්දොර අභිසෙස් ආදර්ශ පාසල් තේරීමේ තරගය, කලාප ප්‍රථම ස්ථානය හිමිකර ගන්නා ලදී.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

පාසල ලබාගත් විශේෂ ජයග්‍රහණ

 

 

  • 2005   ජාතික ඵලදායීතා සම්මාන                -  පළාත්    දෙවන ස්ථානය
  • 2005  ජාතික ඵලදායීතා සම්මාන                 -  ජාතික    කුසලතා සම්මාන
  • 2006  ජාතික ඵලදායීතා සම්මාන                 -  පළාත්       තෙවන ස්ථානය
  • 2006  ජාතික ඵලදායීතා සම්මාන                 -  ජාතික       කුසලතා සම්මාන
  • 2011  ජාතික තොරතුරු විශිෂ්ටතා සම්මාන  -  පළාත්    ප්‍රථම ස්ථානය
  • 2012  6 S පාසල් ඵලදායීතා සම්මාන          - ජාතික      කුසලතා සම්මාන
  • 2012   ආදර්ශවත් පාරිසරික පාසල             -  ජාතික        කුසලතා සම්මාන
  • 2013  තොතුරු තාක්‍ෂණය පදනම් කරගත්

නිර්මාණශීලී අධ්‍යාපනික ව්‍යාපෘති තරගාවලිය     -  පළාත්   තෙවන ස්ථානය

  • 2013   ආදර්ශවත් පාරිසරික පාසල             -  ජාතික        කුසලතා සම්මාන
  • 2013  මදර් ශ්‍රී ලංකා Project Run               -  ජාතික        තෙවන ස්ථානය
  • 2013  සිප්දොර අභිසෙස් ආදර්ශ පාසල් තේරීමේ තරගය  -  කලාප   ප්‍රථම ස්ථානය
  • 2013 ක්‍රිකට්(15 න් පහළ)                            -  ජාතික        කුසලතා සම්මාන
  • 2013 දැල්පන්දු                                            -  පළාත්        දෙවන ස්ථානය
  • 2013 දක්‍ෂිණ ජීවනී දැනුම මිනුම තරගය      -  ජාතික        තෙවන ස්ථානය
  • 2013 මළල ක්‍රීඩා (උස 13 න් පහළ)            -  පළාත්        තෙවන ස්ථානය
  • 2013 සෞඛ්‍ය ප්‍රවර්ධන පාසල් තේරීම         -  දිස්ත්‍රික්       තෙවන ස්ථානය
  • 2013  ජාතික ඵලදායීතා සම්මාන                  -  සමස්ත ලංකා දෙවන ස්ථානය

 

Last Updated on Tuesday, 12 May 2015 07:42
 


Designed by Mrs.A.W.K.Rasika Shyamalie (IT Graduate Teacher).